පිතිකරුවන්ට අමාරු බංගලි තනතිරු වල සුපිරියට ගහන ‘රොශේන් කියපු කතාව මෙන්න අදහන ආගමක් සිහිකරගෙන පිටියට යන්න..’රොශේන් කියපු කතාව මෙන්න
බංගලාදේශ ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ තණතිල්ල බොහෝ පිතිකරුවන්ට දැඩි ප්‍රශ්නයක් වී ඇති ආකාරය දෙවන ටෙස්ට් තරඟය පැවැත්වෙන අකාරය දෙස බලන විට දැකගත හැකි අතර ,මෙලෙස බොහෝ දෙනා තණතිල්ලේ අසරණ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තම තෙවන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන රොෂේන් සිල්වා තරඟයේ ඉනිම දෙකේම ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම් කරුවා වෙමින් අර්ධ ශතක දෙකක් ලබා ගැනීමට සමත්වී තිබෙන අතර ඔහු දෙවන දිනයෙන් පසුව පැවති මාද්‍ය හමුවකදී තරඟය ගැන අදහස් දක්වා තිබිණි.
අපි තණතිල්ලට බැණලාමත් හරියන්නේ නෑ,මොකද මේ විදියට දඟ කැවෙන ඒවගේ අපි ක්‍රීඩා කරලා තියනවා.අපි කරන්න තියෙන්නේ සාමන්‍යයෙන් ක්‍රීඩා කරන එක තමයි එසේ කීවද තමා මේ තණතිල්ල හොඳ තණතිල්ලක් ලෙස වර්ග කරන්නේ නැති බවද රොෂේන් පවසා ඇත.
එහෙම කියල මම මේක හොඳ තණතිල්ලක් කියලනම් කියන්නේ නෑ,ඔයාල දකින්න ඇති මම පිටියට ආපුගමන් කොහොමද මම මුත්තෆීර් ගේ පන්දු වලට බේරුනේ කියල,ඒ විදියට තණතිල්ල හැසිරෙද්දී බේරෙන්න දෙවියෝ බලන්න ඕන මේ වගේ තණතිල්ලක.
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බංගලාදේශය මෙවැනි තණතිල්ලක් ලබාදීම තමාට අදහා ගත නොහැකි බව රොෂේන් පවසන්නේ ශ්‍රී ලංකාව සතුව බංගලාදේශයට වඩා දක්ෂ දඟ පන්දු යවන්නන් සිටින නිසාය.
කරන්න තියන හොඳම දේ තමයි ක්‍රීඩා කරද්දී මනස හදා ගන්න එක තණතිල්ල දඟ කැවෙයි කියලමට හිතාගන්න බෑ ඇයි බංගලාදේශය අපිට මේ වගේ තණතිල්ලක් දුන්නේ කියල.සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව වගේ කණ්ඩායම් ආසියාවට එද්දී අපි මේ වගේ තණතිලි හදනවා,ඒත් අපිට ඉන්න දඟ පන්දු යවන්නෝ බැලුවම මේ වගේ තණතිල්ලක් දෙන්න හේතුව මට හිතාගන්න බෑ.
මෙම තණතිල්ලේ පන්දුවට හොඳින් පහර දීමට නම් කුමක් කල යුතුද යන්න රෝශේන්ගෙන් විමසු විට ඔහු කදිම පිළිතුරක් සපයා ඇති අතර ඔහු පවසා ඇත්තේ තමන් අදහන ආගමක් සිහිකරගෙන යාම හැර වෙන කල හැකි දෙයක් නැති බවය.
මේ වගේ තණතිල්ලක බේරෙන්න නම් කරන්න තියෙන්නේ පිටියට යන්න කලින් තමන් අදහන ආගමක් සිහිකරනඑකමොකදමේ තණතිල්ලේ හොඳ පන්දුවක්වැටුනොත් කරන්න දෙයක් නෑ දැවී යන්නම වෙනවා,බේරීමක් නෑ නරක පන්දු වැටෙන හැම වෙලේම පුළුවන් තරම් ලකුණු ගන්න එක තමයි කරන්න තියන හොඳම දේ.
මේ වගේ තණතිල්ලක ලකුණු 300 ක් ගන්නවා කියන එකනම් ලේසි නෑ.හැබැයි අපිට එහෙම කියල ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවක් කියන එක අමතකකරන්නබෑඅපි මේ වෙද්දීත් ලකුණු 300 කට වැඩිය අරගෙන තියනවා.ඒ වගේම පලවෙනි ඉනිමේ බංගලාදේශය ලකුණු 100 කට විතර දවාගන්නත් අපි සමත් වෙලා තියනවඅපි තව පුළුවන් තරම් ලකුණු අරගෙන බංගලාදේශයට පීඩනයක් දෙන එක තමයි අරමුණ.
තමාට මෙම පිටියේ සාර්ථක වීමට තරඟයට පෙර මානසිකව සුදානම් වීම යහපත් අකාරයෙන් බලපෑ බවද රොෂේන් පවසා ඇත.මම පළමුපෙළ ලකුණු කීයක් ගහල තියනවද කියන එක මේ වගේ පිටියක හොඳට සෙල්ලම් කරන බලපාන්නේ නෑ,ගොඩක් දුරට මානසික සුදානම තමයි වාසියක් වෙන්නේමම මෙහෙට එන්න කලින් බංගලාදේශයේදී මොන වගේ තණතිලි ද ලැබෙන්නේ මොන වගේ පන්දු යවන්නොද ඉන්නේ වගේ දේවල් ගැන දැනගෙන ඒකට මානසිකවත් සුදානම් වුනාඒක සාර්ථක වෙන්න ගොඩක් බලපෑව.
තරඟය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම සතු බව රොෂේන් පවසන්නේ ශ්‍රී ලංකාව සතුව සුපිරි පන්දු බලඇණියක් සිටින නිසායමම හිතන්නේ මේ වෙද්දීත් අපි ප්‍රමාණාත්මක ලකුණු ගානක් අරගෙන ඉන්නේමොකද බංගලාදේශයත් දන්නවා මේ තණතිල්ලේ ලොකුවට ලකුණු ගන්න බෑ කියල අනිත් එක අපි බැලුවොත් අපේ පන්දු යවන බලකාය ඔවුන්ට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ,මම කියන්නේ ඔවුන් නරකයි කියන එක නෙවෙයි.
රංගන ගත්තොත් ටෙස්ට් කඩුලු 400 ක් අරගෙන තියනවා,දිල්රුවන් පළමු පෙළ ඩුලු 700 ක් ටෙස්ට් කඩුලු 100 ක් අරගෙන තියනවා.සුරංග හොඳටම පන්දු යවනවා,අකිලත් පලවෙනි තරඟයට ක්‍රීඩා කලත් ලේසි පහසු පන්දු යවන්නෙක් නෙවෙයි,එහෙම බලද්දී අපි තරඟයේ හොඳ තැනක ඉන්නවා කියන්න පුළුවන්.

Comments
Post a Comment